ඔයාලාට සුබ දවසක්! අද මම ලියන්න යන්නේ ඉංග්‍රීසි භාෂාව ගැන. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ඕනේ නැහැ , ඉගෙන ගන්න බැහැ කියලා හිතන අයට මේ ලිපිය. ලෝකයේ සම්බන්ධීකරණයේ භාෂාව, ජොබ් අවස්ථා, අධ්‍යයනය, තාක්ෂණය, සංචාරය – සෑම අංශයකම ඉංග්‍රීසියට අනිවාර්ය තැනක් තියෙනවා. "මම මගේ ගම/දිසාවෙන් එලියේ යන්නේ නැහැ" මම ලංකාවේ ඉන්න නිසා මට ඉංග්‍රීසි ඔනවෙන්නේ නැහැ කියන අයට පවා , අද කාලේ ඉන්ටර්නෙට්, සමාජ මාධ්‍ය, යුටියුබ් වීඩියෝ කෙලින්ම ඉංග්‍රීසි අරගෙන ඔබේ ගෙදර ඇතුළටම පැමිණෙනවා.
**ඇයි ඉංග්‍රීසි ඉගෙන ගත යුත්තේ?**
හරි, අපි එක එක්කෙනාටම හේතුව වෙනස්. කෙනෙක්ට රැකියාවක් හෝ වැඩිදුර අධ්‍යයනයක් සඳහා වෙන්න ඇති. තවත් කෙනෙක්ට ලෝකයේ යම් තැනක ගිහින් ඉංග්‍රීසියෙන් කතා කරලා ගමන් කරන්න ඕනේ වෙන්න ඇති. තවත් කෙනෙක්ට ඔහුගේ ප්‍රියතම ගීතයේ තේරුම තේරුම් ගන්න ඕන හෝ ඔහුගේ ප්‍රියතම Hollywood චිත්‍රපටය උප සිරස විතරක් නෙවෙයි, ඇත්තෙන්ම මුළු චිත්‍රපටයම තේරුම් කරගෙන බලන්න ඕන මේ හැම දෙයක්ම ඉංග්‍රීසි භාෂාව මත රඳා පවතිනවා.
ගොඩක් අය කියනවා "මට ඉංග්‍රීසි එපා, මම රටේ ඉන්නේ" කියලා. හරි, අපි බලමු. ඔබට ෂබ්දය (sound) නිවැරදිව ගැලපීමට හෝ අලුතින් software එකක් භාවිතා කිරීමට උදව් අවශ්‍ය නම්, බොහෝ විට උපකාරය එන්නේ ඉංග්‍රීසියෙන් ලියන ලද අන්තර්ජාල ලිපි හෝ වීඩියෝ මගින්. ඔබේ ළමයාට ගණිතය හෝ විද්‍යාව ඉගෙන ගැනීමට අපහසු වුනොත්, යුටියුබ් එකේ ඇති අපූරු පාඩම් බොහොමයක් ඉංග්‍රීසියෙන්. ඉංග්‍රීසිය දැන ගැනීමෙන් ඔබේ දැනීමේ ලෝකය පුළුල් කර ගත හැකියි. එය රටක් හෝ සංස්කෘතියක් පමණක් නොවෙයි, ලෝකයට දොරකඩක්. දියුණුවට මාවතක්, ඔබේ ජිවිතයේ අනාගත රන් දොරටුව ඉංග්‍රීසි.
**ඉංග්‍රීසි ඉගෙන ගන්න ආරම්භ කරන විදිහ**
හරි, ඉතින් අපි එකඟයි එය ඉගෙන ගත යුතු බව. නමුත් ආරම්භ කරන්නේ කෙසේද? පාසැල් ශිෂ්යත්වය හෝ O/L A ගුණයක් ගැන බලාපොරොත්තු නොවන්න. ඔබේ දිවිය තුළ ඕනෑම වේලාවක ආරම්භ කළ හැකිය.
1. **පහසුවෙන් ආරම්භ කරන්න:** ඉංග්‍රීසි චිත්‍රපටයක් හෝ ටෙලිනාට්යයක් බලන්න. මුලින්ම උපසිරැසි (subtitles) සිංහලෙන් තියාගෙන බලන්න. පසුව ඒවා ඉංග්‍රීසි උපසිරැසි වෙනස් කරන්න. අවසානයේ, උපසිරැසි නොමැතිව බලන්න. ඔබේ කන එයට පුරුදු වෙනවා.
2. ** ඉංග්‍රීසි ගීත වලට සවන දෙන්න :** ඔබට කැමති ඉංග්‍රීසි ගීතයක් තෝරාගෙන එහි සිංහල තේරුම ගූගල් කරන්න. ගීතය අහන්න, තේරුම කියවන්න. එය ඉතා විනෝදජනක අත්දැකීමක් වනු ඇති.
3. **කියවීම පුරුදු කරගන්න:** මුලින්ම ඉතා සරල ඉංග්‍රීසි පුවත්පත් ලිපි, ළමා කතා, හෝ අන්තර්ජාල ලිපි කියවන්න. ඔබට නොදන්නා වචන එළියට ගෙන ඒවායේ තේරුම් සොයන්න. දිනපතා වචන 5ක් හෝ 10ක් ඉගෙන ගැනීමට උත්සාහ කරන්න. අඩු තරමේ පාසල් යන දරුවෙකුගේ පෙළ පොතක් කියවන්න.
4. **බිය නොවන්න කතා කිරීමට:** මෙය බොහෝ දෙනාගේ ප්‍රධාන ගැටලුවයි. "මම වරදක් කළොත්?", "මගේ උච්චාරණය හරි නැත්තම්?" යනාදී බියෙන් බොහෝ දෙනෙක් නිශ්ශබ්ද වෙති. අහන්න, ලෝකයේ ඉංග්‍රීසි මාතෘකාව ලෙස භාවිතා කරන රටවල් ගණනාවක, ඔවුන්ගේ උච්චාරණය සහ වාක්‍ය රචනය අපගෙන් බෙහෙවින් වෙනස්ය. එහෙනම් අපි බිය විය යුත්තේ ඇයි? මුලින්ම ඔබවම සමඟ කතා කරන්න. කථනය පුරුදු කර ගන්න. ඉන්පසු ඔබේ මිතුරන් හෝ පවුලේ අය සමඟ පහසු ඉංග්‍රීසියෙන් කතා කිරීමට උත්සාහ කරන්න.යාළුවන් සමග වරද්ද වරද්ද සිනා වේවි කතාකරන්න භීතිය පලා යයි ඔබ ඉංග්‍රීසි කථා කරයි පසුව නිවැරිදි වෙයි.
5. **තාක්ෂණය භාවිතා කරන්න:** අදක්ෂ අයට පවා ගූගල් භාෂාව පරිවර්තනය (Google Translate), YouTube, සහ ඉංග්‍රීසි ඉගැන්වීමේ අනෙකුත් අවශ්‍ය යෙදුම් (apps) ගණනාවක් තිබේ. මෙම මෙවලම් භාවිතා කරන්න. නොමිලේ සපයන සේවා ලබාගන්න.
**තනි ඉංග්‍රීසි වචන වලින් ඔබ්බට**
ඉංග්‍රීසි ඉගෙන ගැනීම වචන කිහිපයක් ඉගෙන ගැනීමට වඩා වැඩිය. එය සංස්කෘතිය, හැගීම් සහ චින්තනය තේරුම් ගැනීමයි. උදාහරණයක් ලෙස, "How are you?" කියන්නේ "ඔබ කෙසේද?" කියන එක විතරක් නෙවෙයි. එය ආමන්ත්‍රණයක්, හුරුබුහුටිකමක්. "Thank you" කියනවා විතරක් නෙවෙයි, "Thanks a lot!", "I really appreciate it!", "Cheers!" (UK වල) වගේ විවිධ ආකාරවලින් කියන්න පුළුවන්.
වැඩිදුර අධ්‍යයනයක් සඳහා හෝ ව්‍යාපාරිකව, Academic English හෝ Business English වගේ විශේෂිත අංශ තියෙනවා. නමුත් මුලික අදියරේදී, එදිනෙදා ජීවිතයට අවශ්‍ය සරල ඉංග්‍රීසිය (Basic English) ප්‍රගුණ කිරීම ප්‍රමුකයි .
**අවසාන වශයෙන්...**
ඉංග්‍රීසි භාෂාව යනු විභාගයක් හෝ ශිෂ්යත්වයක් පමණක් නොවේ. එය ජීවන කුසලතාවක් (life skill). එය ඔබට නව මිතුරන් ලබා ගැනීමට, නව අදහස් අවබෝධ කර ගැනීමට සහ ලෝකය බැලීමට විවිධ කෝණයකින් අවස්ථාවක් ලබා දෙයි. ළිං මැඩි සංකල්පය අත හරින්න. උදාර ශ්‍රීලාංකිකයේ වී ලෝකය සමග ගනුදෙනු කරන්න.
ඔබ අද ආරම්භ කරන්න. ඔබට පුළුවන්! ඔබේ ජීවිතයේ ගුණාත්මක භාවය වෙනස් කරනු ඇති.
**ඔබට ඉංග්‍රීසි ඉගෙන ගැනීමේදී අපහසුතා මොනවාද? අදහස් කියන්න .**
ඔබට ජය පතන මම
කුමාර සර්
- Home
- En grammar
- _More
- __English Grammar
- __Grammar Guid
- __Grammar Master
- _Adjectives
- _Adjetive Lessons
- _Noun Gender
- _Nouns Number
- Part of speech
- _Articles
- _Kinds of words
- _possessive-case
- _comparision-of-adjectives
- _why-important-verbs-in-english
- _orthography
- _practical-english
- Mega Menu
- _relative-pronouns
- _Countable Nouns
- _E
- _Web Doc
- _Sithuvili Doc
- _Error Page
- Ads
- Reading
- Try to Do
- fill spell
- _Sentences
- _Eight
- _Words fill
